brand logo

ඩෙල්ටා බාර් පොකුරක අවදානමක්

23 June 2021

රජයට බදු මුදල් සපයා ගැනීමේ තාවකාලික පියවරක් ලෙස බාර් විවෘත කිරීමේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් “ඩෙල්ටා බාර් පොකුරක්” නිර්මාණය වීම වැළැක්විය නොහැකි යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය ඉතාමත් අවම මට්ටමක පවතින බැවින් ඔවුන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් ඉතා ඉක්මනින් මරණයට පත්වන බවත් එම පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඔහු මත්පැන් සඳහා වියදම් කළ මුදල මෙන් පස් ගුණයක් රජයට වියදම් කිරීමට සිදුවන බව සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි. Drinkers Often Unsuccessful at Reducing Alcohol Use Despite Motivation -  Psychiatry Advisor ලෝකයේ දරුණුතම කොවිඩ් වයිරසය ලෙස සැලකෙන ඩෙල්ටා වයිරස් ප්‍රභේදය මේ වන විට රටට ඇතුල් වී ඇති බැවින් එහි ව්‍යාප්තිය ඉතා සීග්‍රයෙන් සිදුවෙන බවත් පෙන්වා දෙන ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තද මෙයින් මිදිය හැකි හොඳම ක්‍රමය වන්නේ දුරස්ථභාවය රැක ගැනීම යැයිද පෙන්වා දේ.
කෙසේ වෙතත් තැබෑරුම් අසල පවතින දිගු පෝලිම්වල දුරස්ථභාවය කිසිවිටෙකත් ආරක්ෂා නොවන බව පැහැදිලිව පෙනෙන කරුණක් වන අතර මෙය ඩෙල්ටා ප්‍රභේදය පමණක් නොව තවත් වයිරස් ප්‍රභේද රැසක්ම පැතිර යාමට සුදුසු පරිසරයන් බවට පත්වීම අරුමයක් නොවන බවද ඔහු පෙන්වා දේ.
කොවිඩ් වයිරසය වැඩිම බලපෑමක් ඇති කරනුයේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට වන අතර මත්පැන් පානයෙන් ප්‍රතිශක්තිය අඩු වීමක් මිස වැඩිවීමක් කිසිවිටකත් සිදු නොවන බැවින් කොවිඩ් වසංගතය මෙරටින් තුරන් වන තෙක් බාර් ඇතුළු මත්පැන් අලෙවිසල් සියල්ලම මුළුමනින්ම වසා දැමීමට සුදුසු බවත් එසේ වන්නේ නම් රජයට මත්පැන් අලෙවියෙන් ලැබෙන බදු මුදලට වඩා වැඩි මුදලක් ඉතිරි කර ගත හැකි යැයිද හෙතෙම අවධාරණය කරයි. ශ්‍රියානි විජේසිංහ
 

More News..