brand logo

ඩෙංගු සේවකයන් අද සිට රාජකාරියට සුව ඇමැතිගෙන් උපදෙස්

01 June 2020

ඩෙංගු ක්ෂේත්‍ර රාජාකාරි සඳහා බඳවා ගත් 1500 ක සේවක පිරිස ජුනි 1 වැනිදා සිට ඩෙංගු මර්දන කටයුතුවලට යොදා ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ. මෙම ක්ෂේත්‍ර සේවකයන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල වෙනත් රාජකාරි සඳහා යොදවා තිබිණි. පසුගිය රජය විසින් මෙම ක්ෂේත්‍ර සේවකයන් බඳවා ගත් අතර, ඔවුන්ට ඩෙංගු මදුරු මර්දන කටයුතු පිළිබඳ පුහුණුවක්ද ලබා දුන්නේය. ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 7 ක් හඳුනාගෙන ඇති අතර, එම දිස්ත්‍රික්කවල නිවාස, රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා ඉදිකිරීම් කලාප දැඩි ලෙස පරීක්ෂා කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර හා ගාල්ල, යාපනය යන දිස්ත්‍රික්කවල මෙම පරීක්ෂා කිරීම් සිදු කිරීමට නියමිතය. 2020 වසරේ ගතවූ කාලයේදී​ ඩෙංගු රෝගීන් 20,000 කට අධික සංඛ්‍යාවක් හමුවූ අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 22 කි. උදයජීව ඒකනායක
 

More News..