ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත අඩුවක් දින 24කට 11,500ක් අඩුවෙලා
24 February 2020
ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත අඩුවක් දින 24කට 11,500ක් අඩුවෙලා
24 February 2020
මෙම (2020) ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ මේ දක්වා දිවයින පුරා වාර්තාගත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එකොළොස්දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවකින් අඩු වී ඇත.
මෙම වසරේ (2020) මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 14258ක් වාර්තා වූ අතර එයින් 2907ක්ම වාර්තා වූයේ පෙබරවාරි මාසයේදීය. ජනවාරි මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 11,351කි.
ඩෙංගු පැතිරීම උත්සන්න වීමත් සමග එය පාලනය කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ගත් ක්‍රියාමාර්ග මෙන්ම මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයද රෝගය පාලන වීමට හේතු වී ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් එහි අධ්යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර 'අරුණ'ට පැවසීය.
මෙම වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ත්‍රිකුණාමලය මඩකළපුව යාපනය සහ ගම්පහ දිස්ත්‍රික්කවලද රෝගී සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන ඇත.
මේ අතර ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා වොල්බකියා නමැති බැකිටීරියාව යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතිය මාර්තු දෙවැනිදා දෙමටගොඩ සහ නුගේගොඩ ප්‍රදේශවලින් ආරම්භ කරන බවද අධ්යක්ෂවරයා සඳහන් කළේය. මෙම බැක්ටීරියාව මුදාහැරීම මගින් ඩෙංගු වෛරසයේ ප්‍රධාන වාහකයන් වන ඊඩීස් ඊජිප්ටි මදුරුවන්ගේ සිරුරට වොල්බකියා බැක්ටීරියාව ඇතුළුවීම මගින් ඩෙංගු වෛරසය පැතිරීම වැළැක්වේ.ඩෙංගු රෝගය අවම කිරීම සඳහා මේ වසරේදී එවැනි වැඩසටහන් කිහිපයක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය ජයසේකර මෙහදී පැවසීය. පසුගිය වසරේ ඩෙංගු මරණ සංඛ්‍යාව 150 කට ආසන්න වූ බව පැවසූ වෛද්‍යවරයා දිවයින පුරා රෝගීන් සංඛ්‍යාව ලක්ෂයකට අධික වූ බවද වැඩිදුරටත් පැවසීය.
ශිරන්ති මානවඩු