brand logo

ඩෙංගු යළි හිස ඔසවයි

31 May 2021

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඩෙංගු වෛරසය ද ව්‍යාප්ත වීමේ ප්‍රවනතාවක් පවතින බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පවසයි. පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ උණ සහ ඇගපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් ඒ පිළිබද වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පවසයි. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම මාසයේ දී වැඩි වීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි පවසයි. මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 7674 දෙනෙකු වාර්තා වී තිබේ.
 

More News..