brand logo

ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

28 September 2020

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි කාලයේ දී ඩෙංගු අවදානමක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්නැයි ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. කොරෝනා වසංගතය හමුවේ බොහෝ පිරිසක් නිවෙස්වලට සිරවී සිටි බැවින් ඔවුන් තමන්ගේ ගෙවත්ත පිරිසුදු කර ගත් බැවින් හා ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවම වීම තුළ මදුරුවන් බෝවීම පහළ මට්ටමක පැවතුණ ද මේ වන විට ජනතාව යළිත් සුපුරුදු පරිදි තමන්ගේ ජීවන රටාවට අනුගතව පවතින බැවින් වර්ෂාවත් සමග මදුරුවන් බෝවීම ඉහළ යා හැකි යැයිද හෙතෙම පෙන්වා දෙයි. ඉදිරි සතිය තුළ දී මදුරු මර්දනය සඳහා වන වැඩසටහන් යළිත් ආරම්භ කරන බවත් ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම මේ වන විටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත දැනුම් දී ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය. මේ වසරේ ගත වූ මාස නවයක කාලය තුළ ඩෙංගු රෝගීන් විසිහත් දහස් පන්සිය නවයක් හමු වී ඇති අතර පුද්ගල මරණ තිහක් වාර්තා වී ඇත. ශ්‍රියානි විජේසිංහ
 

More News..