brand logo

ඩෙංගු පාලනය කරන්න කඩිනම් වැඩපිළිවෙළක් ගන්න - ජනපති

16 December 2019

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද දහවල් මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග පැවති සාකච්ඡාවකදීය. සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග තත්ත්වය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, මේ වන විටත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරියට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.
 

More News..