brand logo

ඩෙංගු - කොවිඩ් තරගෙට වැඩ

15 August 2022

ළමා රෝහ‌ලේ ඩෙංගු රෝගීන් 50ක්

පසුගිය වසර කිහිපයට වඩා මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම තුන්ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සදහන් කරයි. මේ වන විට ඩෙංගු වැළඳුණු දරුවන් 50කට අධික සංඛ්‍යාවක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් වූ දරුවන් 8- 10 සංඛ්‍යාවක්ද දෛනික ප්‍රතිකාර ලබන බව හෙතෙම පැවසීය. මේ දිනවල ඩෙංගු, කොවිඩ් හා වයිරස් උණක් පැතිර යන බැවින් දරුවන්ට උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යා ගති ඇත්නම් වහාම වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස අධ්‍යක්ෂවයා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි. රෝහලේ යම් යම් ඖෂධවල හිඟයක් පැතියද ඒ පිළිබඳ අනිතයත බියක් ඇති කර නොගෙන රෝගී දරුවන්ට නිවසේ රඳවා නොගෙන වහාම රෝහල් ගත කරන්නැයිද විකල්ප ඖෂධයන් මගින් හෝ දරුවන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් පවතින බවද වෛද්‍ය විජේසූරිය පවසා සිටියි. කොවිඩ් වැළැඳුණු දරුවන් දිනපතා 15 – 20 අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන බවත් සංකූලතාවන් මතු වූ දරුවන්ට නේවාසිකව ප්‍රතිකාර කළද අන් දරුවන්ට ප්‍රතිකාර කර ඉක්මනින් නිවෙස් වෙත පිටත් කර යවන බවද පැවසේ. ශ්‍රියානි විජේසිංහ
 

More News..