brand logo

ඩුබායි සහ කටාර් සිට ශ්‍රී ලාංකිකයින් 349ක් දිවයිනට

01 August 2020

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 648 දරණ ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 335දෙනෙකු කටුනායක ගුවන් තොටුපළට පැමිණි බවයි. අද (01) අළුයම 1.30ට පමණ කටාර් හි සිට ශ්‍රී ලාංකිකයින් 14දෙනෙකු කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 668දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපළ අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..