brand logo

ඩුබායි පොලිසිය මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම අරඹයි

07 February 2019

ඩුබායි රාජ්‍ය යේදී අත්අඩංගුවට පත් පිරිස අතර සිටි මාකඳුරේ මධුෂ් අතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනාගෙන් ඩුබායි පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව ඩුබායි ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම ප්‍රශ්න කිරීම් සඳහා මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් සම්බන්ධවී සිටින බවත් මේ වනවිටත් විශේෂ තොරතුරු රැසක් හෙළිකරගෙන තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරන අතර ඩුබායි පොලීසිය විසින් මාකඳුරේ මධුෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සතුවතිබූ දුරකථනවල දුරකථන වාර්තා ලබා ගැනීමටත් ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර තිබේද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට රුධිර පරීක්ෂණ කටයුතුද සිදු කර තිබෙන බවටද වාර්තා වෙයි. අත්අඩංගුවට පත්වූවන්ට ව්‍යාජ ගමන් බලපත්‍ර, ව්‍යාජ වීසා බලපත්‍ර ළඟ තබාගැනීම හා මත්කුඩු ළඟ තබාගැනීම, මත්කුඩු පානය කිරීම යන චෝදනා එල්ලවී ඇති බවත් සඳහන් වේ. අදාළ උපන්දින සාදය පිළිබඳ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මුලින්ම තොරතුරු හෙළිව ඇති බවටද වාර්තා වේ.
 

More News..