brand logo

ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණයට

27 February 2019

ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. එම පිරිස අතර සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා මේ බව සඳහන් කළ අතර ඔහු සඳහන් කළේ අදාළ සැකකරුවන් තවත් මාසයක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති බවත්එරට ප්‍රධාන විශෝධක විසින් කරන ලද ඉල්ලීමක් අනුව එය සිදු වීමට නියමිත බවය. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්දැයි තහවුරු කර ගැනීම සඳහා එරට පොලීසිය කැඳවූ අවසන් වාර්තාව මෙතෙක් ලැබී නොමැති අතර එහිදී ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි තහවුරු වුවහොත් එරට නීතිය අනුව වසර 3ක සිර දඬුවමක් සහ ඩිරාම් 10000ක දඩ නියම වනු ඇත.
 

More News..