brand logo

ඩීසල් ඉවරයි

22 February 2022

රටම ලොකු අර්බුදයක 

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව ඩීසල් තොග නොමැති බව අද (22) පස්වරුවේ එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. එම නිලධාරියා පැවසුවේ ඩීසල් රැගත් නෞකාව මෙරටට ළගාවී දින තුනක් ගතවී තිබුණ ද එහි ඇති ඩීසල් තොගය ලබාගැනීම සඳහා ඩොලර් නිදහස් නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවයි. අදාළ නෞකාව ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් වේ.

සෙනසුරාදා ළගාවූ පෙට්‍රල් නෞකාවේ තොගය ලබාගැනීමට හැකිවීම නිසා දින කීපයකට පෙට්‍රල් තොග ඇති බවත් සාමාන්‍ය කාලයකදී මාසකට ඉන්ධන නෞකා පහක් හෝ හයක් ළගා බවත් එම නිලධාරියා පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට පෙට්‍රල් ලබාගැනීමට ද ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකි අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ. රට පුරා ඉන්ධන පිරවුම්හලවල අද (22) පෙරවරුව වන විට ඩීසල් නොමැති තත්වයකට පත්ව තිබූ අතර මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් ඇතුළු සේවාවන් රැසක් අඩපණ වන තත්වයකට පත්ව තිබුණි.
 

More News..