brand logo

ඩිල්ෂාන් ගාලු නාම යෝජනා පිටියෙන් ඉවතට

17 March 2020

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සිය නාම යෝජනා භාර දීම මේ දිනවල සිදුවෙයි. පසුගිය දිනවල සමාජ මාධ්‍ය මෙන්ම බොහෝ දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වන සහ පාර්ලිමේන්තු යැවිය යුතු පුද්ගලයින් පිළිබද විවිධ මත පලවුණා. ඒ අතර රංගන ශිල්පීන් / ශිල්පිනියන් සහ ක්‍රීඩකයින් මැතිවරණයට ඉදිරිපත් වීම විශේෂයි. ගාල්ල දිස්ත්‍රීක්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ද සුදානමින් සිටියා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමටයි. කෙසේවෙතත් ඩිල්ෂාන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කිරිමට නාම යෝජනා ලැබි නොමැති බව වාර්තා වෙයි. මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු අවස්ථා කිහිපයකදි මාධ්‍යහමු පවත්වමින් ඩිල්ෂාන් පැවසුවේ තමන් ගාල්ලෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවයි. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පොදුජන පෙරමුණ ඊයේ (17) සවස නාමයෝජනා බාර දෙන ලදී.කණ්ඩායම් නායක රමේෂ් පතිරණ, හිටපු නියෝජ්‍ය ඇමති මොහාන් පී.ද සිල්වා සහ නීතිඥ ශ්‍රිමාල් විජේසේකර  යන මහත්වරුන් විසින් දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි සෝමරත්න  විදානපතිරණ මහතා වෙත නාම යෝජනා බාර දෙනු ලැබිය. 1රමේෂ් පතිරණ 2අගම්පොඩි මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා 3චන්දිම වීරක්කොඩි 4ගීතා සමන්මලී කුමාරසිංහ 5අතුකෝරලගේ කාරියවසම් චමින්ද සම්පත් 6ඉසුරු දොඩඩංගොඩ 7බද්දේගම සමිත 8ශාන් විජය ලාල්ද සිල්වා 9අමරවංශ ගාමිණි මුණුගොඩ 10ඉරංග දිල්ශාන් විදානගමගේ 11කීඹියගේ පුෂ්පලාල් කුමාරසිංහ 12චන්න සාලිය ශ්‍රි මෙන්ඩිස් තිරිමාදුර
 

More News..