brand logo

ඩිලන්ත මාලගමුවගේ ජීවිත කතාව බොලිවුඩයේ

04 August 2020

මට තියෙන්නේ වෙනස් ජීවිත කතාවක්. මම පොඩි කාලේ ගෙදරින් පැනලා යනවා. ඊටපස්සේ තනියම ජපානේ ට ගිහින් ජීවත්වෙනවා. අද මම ඉන්න තැනට ආවේ මගේම ස්වඋත්සාහයෙන්. ලෝකයේ වැඩිම මුදල් අවශ්‍ය කරන ක්‍රීඩාව ධාවන තරග ක්‍රීඩාව. මම ජපානේ ගිහින් සල්ලි හම්බ කරලා ඒ එක්කම ව්‍යාපාර කරලා සල්ලි හම්බ කරලා කාගේවත් අනුග්‍රහයක් නැතුව තමා මේ ගමන එන්නේ. මගේ ජීවිතයම මම අභියෝගයක් කරගෙන ජීවත් වෙන කෙනෙක්. මහන්සි වෙලා උත්සාහ කරලා පුහුණු වීම් කරලා අන්තිමටම මට පුළුවන් වුණා ලෝකෙම ජයගන්න. හැබැයි මගේ ජීවිත කතාව තුළ රසබර තැන් වගේම දුක්බර තැන් වැඩියි. ඒ නිසා මට ලස්සන ජීවිත කතාවක් තියෙනවා. මම ධාවන තරගවලට සම්බන්ධ හොලිවුඩ් චිත්‍රපට ගොඩක් බලලා තියෙනවා. හැබැයි ඒ හැම එකකටම වඩා මගේ ජීවිත කතාව වෙනස්. ඒ නිසා මම හිතනවා මගේ කතාව චිත්‍රපටියක් කළොත් ගොඩක් අයගේ ජීවිතවලට හොඳ උත්තේජනයක් ලැබෙයි කියලා. මේ වෙද්දී මගේ කතාව පොතක් හැටියට ලියාගෙන යනවා. ඒ පොත ලියන්නේ සංජය නිර්මාල්. හොලිවුඩ්වලින් ආරාධනාවක් ආවා මගේ ජීවිත කතාව චිත්‍රපටයකට හරවන්නත්. ඒ නිසා සිංහලෙන් පොත ලියලා ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරල හොලිවුඩයට යවන්න ඉන්නේ. සමහර විට ඒක හොලිවුඩ් චිත්‍රපටයක් වේවි.
 

More News..