brand logo

ඩෑන් ප්‍රියසාද්ට ඇප

15 May 2019

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කළේය. කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට පමුණුවනු ලැබීය. එහිදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ඉකුත් 13 වනදා මෙම සැකකරු මීතොටමුල්ල ප්‍රදේශයේ දී මුස්ලිම් ජාතිකයෙකුට බැන තර්ජනය කිරීමක් සිදුකර ඇති බවයි. ඇපමත මුදාහැරිය ද ඔහුට සෑම ඉරුදිනකම උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියම කළාය.
 

More News..