brand logo

ඩලස්ගෙන් මොන්ටිසෝරි වැඩක්

11 January 2020

මෙවර කැබිනට් මණ්ඩලයේ දී රටපුරා පැවැත්වෙන විවිධාකාරයේ මොන්ටිසෝරි ද  එකම පාලන යන්ත්‍රණයක් යටතට පත්කිරීමට යෝජනා කෙරිණි. මෙහිදී මොන්ටිසෝරි  ගුරුවරුන් පුහුණුකිරීම, මොන්ටිසෝරි නියාමනය ආදී සියලු කටයුතු පිළිබඳ ‘ජාතික  ප්‍රතිපත්තියක්’ සකස් කිරීමට ද යෝජනා විය. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ය. ‘‘අධ්‍යාපනයේ,  හැදියාවේ මූලිකම අඩිතාලම වැටෙන්නෙ මොන්ටිසෝරියෙන්... ඒ නිසයි මේ වෙනුවෙන්  ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නෙ...’’ ඩලස් කීවේ ය. කෙසේවෙතත්,  මෙම යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ අනුව ඉදිරියේදී එම ජාතික  ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම ද අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සිදුවීමට නියමිත  ය.
 

More News..