brand logo

ඩයලොග් හඳුන්වාදෙන ශ්‍රී ලංකාවේ පළමු දේශීයකරණය වූ ශ්‍රවණ ආධාරක ජංගම යෙදුම - ‘පෙට්‍රලෙක්ස්’

29 June 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ස්මාට්ෆෝන් පාදක කරගත් ශ්‍රවණ ආධාරක සඳහා විසඳුම් සපයන ගෝලීය ප්‍රමුඛයෙකු වන පෙට්‍රලෙක්ස් (Petralex) සමග එක්ව, සියලුම ජනප්‍රිය ජංගම දුරකතන සඳහා පෙට්‍රලෙක්ස් (Petralex) යෙදුම (app) හඳුන්වාදී ඇත. පෙට්‍රලෙක්ස් භාවිත කරන්නන් හට සිය ජංගම දුරකතනය සමග ඕනෑම wire හෝ Bluetooth Headset එකක් උපයෝගී කරගනිමින්, එය ශ්‍රවණ ආධාරක මෙවලමක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි අයුරින් සකස් කර ඇත. ශ්‍රවණ ආබාධ සහිත අය හෝ ශ්‍රවණ හැකියාව අහිමිවෙමින් පැවතීම අත්විඳින අය අරමුණු කරගනිමින්, නිර්මාණය කර ඇති මෙම විප්ලවීය යෙදුම (app) සහනදායී මිලකට භාවිතයට ගත හැකි පහසුම විසඳුමක් ලෙසද නම් කිරීමට පුළුවන. පෙට්‍රලෙක්ස් (Petralex) යෙදුම පළමුවරට භාවිත කිරීමේදී headset හෝ Bluetooth උපාංගයක් ආධාරයෙන් ශ්‍රවණ පරීක්ෂණ සිදුකිරීම සඳහා පහසුකම් සලසන අතර, අදාළ යෙදුම මගින් භාවිතා කරන්නාට යෝග්‍ය වූ ශබ්ද සංඛ්‍යාත වෙන්කර ඒවාහි පමණක් ශබ්දය වැඩි කරයි. තවද මෙම යෙදුම මගින් අනවශ්‍ය පසුබිම් ශබ්ද ඉවත් කරන අතර, එය කථන පැහැදිලිභාවය වැඩි කරයි. සාම්ප්‍රදායික ශ්‍රවණ ආධාරකයක් මෙන් තවත් එක් උපාංගයක බැටරියක් මාරු කිරීමේ අවශ්‍යතාව මෙමගින් මතු නොවන අතර, ජංගම දුරකතනයේ බැටරි ආයු කාලය මගින් මෙම ජංගම යෙදුම බලගැන්වේ.
 

More News..