brand logo

ඩයලොග් සහ Samsung වෙතින් නවතම Galaxy A Series Smart phone සමග YouTube සඳහා Unlimited ඩේටා සහ Dialog ViU Premium සඳහා මාසික ගාස්තු නැති සුවිශේෂී දීමනාවක් පිරිනමයි

26 October 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාට් ජංගම දුරකථන සන්නාමය වන Samsung සමග එක්ව අලුතින්ම හඳුන්වාදෙනු ලැබූ Galaxy A Series Smartphone මිලදී ගැනීමේදී, Youtube වලට unlimited ඩේටා සහ Dialog ViU Premium සඳහා මාසික ගාස්තු නොමැති සුවිශේෂී දීමනාවක් මාස තුනක් පුරා ලබාදීමට කටයුතු කර ඇත. ඩයලොග් 4G මොබයිල් පාරිභෝගිකයන්ට 2019 ඔක්තෝබර් 01 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා මෙම දීමනාව හිමිකරගත හැකි අතර, ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඔබ කැමතිම වීඩියෝ සිත්සේ නැරඹීමට පුළුවන. තවද මිලදී ගන්නා සෑම Galaxy A Series Smartphone එකක් සමග Dialog 4G සිම්පතක් නොමිලේ හිමිවේ. ඩයලොග් 4G මගින් නව Galaxy A Series Smartphone සඳහා ලබාදෙන මෙම දීමනාව මගින් පාරිභෝගිකයන්ට YouTube ඔස්සේ විවිධ විනෝදාත්මක සහ අධ්‍යාපනික වීඩියෝ වැඩසටහන් රාශියක් නැරඹිය හැකි අතර, ශ්‍රී ලංකාවේ අංක එකේ වීඩියෝ සහ Live TV App එක වන Dialog ViU වෙතින් චිත්‍රපට, දේශීය ටෙලිනාට්‍ය, Live TV, කලාපීය සහ ජාත්‍යන්තර විඩියෝ වැඩසටහන්, ක්‍රිකට්, රගර්, Basket Ball වැනි ජනප්‍රිය දේශීය ක්‍රීඩා නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිකර දේ. Samsung Galaxy A ස්මාට් ජංගම දුරකථනයේ වැඩිදියුණු කළ සුපිරි AMOLED තිරය සහ ඩයලොග් 4G ජාලයෙන් කිසිදු බාධාවකින් තොරව සුපිරි වීඩියෝ අත්දැකීමක් ලබාදේ.
 

More News..