brand logo

ඩයලොග් සමාගමෙන් රු.බිලියන 46ක ආයෝජනයක්

18 February 2020

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන විශාලම සෘජු විදේශ ආයෝජකයා වන ඩයලොග් ආසියාටා සමාගම අතිරේක ඇමෙරිකානු ඩොලර් මිලියන 254.1 ක (රුපියල් බිලියන 46.1 ක) ආයෝජනයක් සඳහා ආයෝජන මණ්ඩලය සමග අතිරේක ගිවිසුම් දෙකකට එළඹෙන බව නිවේදනය කර ඇත. පසුගිය පෙබරවාරි 14 වැනිදා කරන ලද මෙම නිවේදනයට අනුව මෙම ආයෝජනය සිදු කෙරෙනුයේ මෙරට තොරතුරු තාක්ෂණය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහාය. මෙම ආයෝජනය සිදු කෙරෙනුයේ ඩය​ලොග් ආසියාටා පී.එල්.සී. වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 190.7ක් හා එහි අනුබද්ධ සමාගමක් වන ඩය​ලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගමින් ඩොලර් මිලියන 63.4ක් වශයෙනි. මෙම ආයෝජනය මගින් ජංගම හා ස්ථාවර 4G -LTE ජාල පුළුල් කිරීම, අයි.පී. හා ෆයිබර් ජාලවල විකාශනය සහ සමූහයේ වයිෆයි බ්‍රෝඩ්බෑන්ඩ් ජාල තවදුරටත් සංවර්ධනය කිරීම සිදුකෙරේ. ඉදිරියේදී 5G තාක්ෂණ රට තුළ යෙදවීම තුළින් ආර්ථිකය සැලකිය යුතු ප්‍රතිලාභ ලබාදීමද මෙම ආයෝජනය ඔස්සේ සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශීය ආයෝජකයා ලෙස ඩය​ලොග් ආසියාටා සමූහය 1994 සිට ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක (රුපියල් බිලියන 320ක්) දායකත්වයක් ලබාදී ඇත. මෙම ආයෝජනය රටේ මුළු විදේශ ආයෝජනවලින් 11%කි. නයන තරංග ගමගේ
 

More News..