brand logo

ටොප් ගියර් එකේ ආපුු වික‍්‍රමසිංහ මහත්තයා අද දවසේ රිවස් ගියර් එක දාලා - පා.ම. රෝහිත

14 January 2019

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් අර්බුදයක් හටගෙන තිබෙන්නේ සිරිකොත තුළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, අද දවසේ වික‍්‍රමසිංහ මහත්තයා රිවස් ගියර් එක දාලා. මේ වෙනකල් ආවේ හතරේ ටොප් ගියර් එකේ. දැන් කියනවා මේක යෝජනාවක් විතරයි. ඒ වුනාට මිට කළින් කිව්වේ අපි නව ව්‍යවස්ථාවක් ගේනවා. ජනතාවට සහන දෙනවා. ඔය වගේ කතා. ඇයි රිවස් ගියර් වැටුනේ. ත්‍රෛයිනිකායික මහානායක හිමිවරු විරුද්ධ වෙන නිසාද? වික‍්‍රමසිංහ මහත්තයා ලංකාවේ වැඩිම බොරු කියපු චේතිය රජ්ජුරුවන්ගේ වාර්තාව කඩනවා. මේ ව්‍යස්ථාව සම්මත වෙනකොට රටට ඒ තරම් බොරු කියලා තියෙයි.
 

More News..