brand logo

ටොන් 28ක යකඩ ප්‍රවාහනය කරමින් තිබූ කන්ටෙයිනරයක් පෙරලෙයි

09 January 2019

කොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා යකඩ ටොන් 28 ක් ප්‍රවහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරලිමෙන් ගිනිගත්හේන ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (09) අලුයම සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. ගිනිගත්හේන කළුගල හරහා ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේදි අද අලුයම 2.30 ට පමණ මෙම කන්ටෙයිනර් රථය වංගුවක් ගැනිමේදි මාර්ගය හරහා පෙරලි ඇති බවයි පොලිසිය පැවසුවේ . ගිනිගත්හේන පොල්පිටිය ඉදි කරමින් පවතින බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට උපකරණ රැගෙන යමින් තිබු කන්ටේනර් රථයකුයි මෙසේ මාර්ගය හරහා පෙරලි ඇත්තේ. අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර, අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙනම් ඇණ හිට ඇත. එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට ගිනිගත්හේන පොලිසිය කටයුතු කර ඇති අතර, මාර්ගය හරහා පෙරලුණු කන්ටෙනර් රථය මාර්ගයෙන් ඉවත් කිරිමට පොලිසිය කටයුතු කර ඇත. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..