brand logo

ටොන් 25 උපකරණ සමග කන්ටෙයිනර් රථයක් ගිනිගත්හේන මාර්ගය අවහිර වෙයි

28 June 2019

කොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතිය සදහා ටොන් 25 යකඩ සහ උපකරණ ප්‍රවාහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක් ගිනිගත්හේන කළුගල ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ දි ප්‍රධාන මාර්ගය හරහා අවහිර විමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 4 පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි. අද (28) උදැසන 7 ට පමණ කන්ටෙයිනර් රථය ගිනිගත්හේන කළුගල ප්‍රදේශයෙන් ලක්ෂපාන මාර්ගයට පිවිස කන්ටෙයිනර් රථය ධාවනය කරවන අවස්තාවේ වංගුවක් ගැනිමේදි කන්ටෙයිනර් රථය මාර්ගය හරහා අවහිර වි ඇත. කන්ටෙයිනර් රථය එම මාර්ගය හරහා අවහිර විමෙන් ලක්ෂපාන , පොල්පිටිය , මිනුවන්දෙණිය , හගරාපිටිය , ලක්ෂපාන හරහා නොටන්බ්‍රිජ් සහ මස්කෙලිය ප්‍රදේශවලට පිවිසෙන මාර්ගය සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි. බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතියේ ලොඩර් යන්ත්‍ර දෙකක් උපකාරයෙන් මාර්ගය හරහා අවහිර වි තිබු කන්ටෙයිනර් රථය දැඩි පරිශ්‍රමයක් දරා ඉවත් කිරිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් විය. වංගු සහිත පටු මාර්ගයක් වු ගිනිගත්හේන කළුගල ලක්ෂපාන මාර්ගයේ මෙවැනි කන්ටෙයිනර් රථ ධාවනයට සුදුසු නොවන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. හැටන් රංජිත් රාජපක්ෂ    
 

More News..