brand logo

ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකා පිලට

03 May 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1 - 0 කින් ජය ලැබීමට අද (03) සමත් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 437 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 227 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද පෙරවරුවේ සමත් වූහ. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණූ 209ක් ජයක් හිමිවිය. මෙම තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා පිල කඩුළ 7ක් දැවී ලකුණු 493ක් රැස්කර ගත් අතර, බංග්ලාදේශ කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස්කර ගැනීමට සමත් වූහ. අනතුරුව දෙවැනි ඉනිම ශ්‍රී ලංකා පිල කඩුළු 9ක් දැවී ලකුණු 194ක් ලබාගෙන සිටියදී දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට බංග්ලාදේශ පිලට ආරාධනා කළේය. ඒ අනුව බංග්ලාදේශ පිලට ලකුණු 437ක අභියෝගයක් හිමි වු අතර, ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 227ක් පමණියි. තරගාවලියේ වීරයා සම්මානය දිමුත් කරුණාරත්නට හිමි වූ අතර, තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය.
 

More News..