brand logo

ටෙස්ට් ක්‍රිකට් නායකයෙකුටත් කොරෝනා

12 November 2020

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායක මොමිනුල් හක්ටද, කොරෝනා ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බංග්ලාදේශ පන්දුවාර 20 ක්‍රිකට් නායක මහමුදුල්ලාට කොරෝනා ආසාදනය වූ බවට වාර්තා වී දින දෙකක් ගත වන්නටත් මත්තෙන් මෙම පුවත වාර්තා වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා සංචාරය අවලංගු වීමෙන් පසු බංග්ලාදේශ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයක් ‘බංගබන්දු ටී 20’ කුසලාන තරගාවලිය ක්‍රීඩා කළ අතර මෙම වයිරසය ඉන් ව්‍යාප්ත වූයේද යන්න එරට සෞඛ්‍ය අංශ මේ වනවිට පරීක්ෂණ අරඹා ඇති බවට සඳහන් වේ.
 

More News..