brand logo

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයෙන් පසු ක්‍රීඩකයින් 08 දෙනෙකු දිවයිනට

25 February 2019

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 08 දෙනෙකු අද (25 )දින උදෑසන 8.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. එම ජයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායම උණුසුම්ව පිළිගැනීමට විදුලි සංදේශ,විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහභාගී වි ඇති අතර සහභාගී වූ ක්‍රීඩකයන් වන්නේ කෞශාල් සිල්වා , මොහොමඩ් සිරාඩ් , මිලින්ද සිරිවර්ධන, හසිත ඇඹුල්දෙණිය , අකිල ප්‍රනාන්දු , දිමුත් කරුණාරත්න , ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල්ය.    
 

More News..