brand logo

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් පණ තියෙනවා - ICC CEO රිචඩ්සන්

01 March 2019

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් ශක්තිමත් එමෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වටා මිලියන 700ක ප්‍රේක්ෂකයින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ඩේව් රිචඩ්සන් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂංක් මනෝහාර් පසුගියදා මාධ්‍ය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වීමක් ලෙසින්. මනෝහාර් මහතා පසුගියදා මාධ්‍ය වෙත පැවසුවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මරණයට ළංවෙමින් තිබෙන බවයි. ඩෙව් රිචඩ්සන් මහතා සදහන් කළේ තරග කිහිපයක් උදාහරණයට ගෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අවසානය කරා ළංවෙන බවට ප්‍රකාශ කළ නොහැකි බවයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රේක්ෂකයින්ගෙන් යම් තරමකට ඈත්වීමට හේතුව පන්දුවාර විස්ස ක්‍රිකට් තරග බව රිචඩ්සන් මහතා පවසනවා. කෙසේ වෙතත් මෑතකදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරග උදාහරණය ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ඩේව් රිචඩ්සන් මහතා මෙලෙස ප්‍රකාශය සිදුකර තිබෙනවා. අපි උත්සාහ කරන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය තවදුරටත් වැඩි කරන්න. ඒ සදහා ටෙස්ට් ශූරතාවලියක් අපි සූදානම් කරනවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රේක්ෂකයින්ට දින පහක කාලයක් ගත කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ක්‍රීඩකයින් තුළ දක්ෂතාවය අඩුවෙලා නම් නැහැ. ඒ නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අවසානය කරා ළගාවෙනවා කියන්න බැහැ. උදාහරණයක් විදිහට ඉන්දියාව ‌ඓතිහාසික ටෙස්ට් තරගාවලියක ජයක් වාර්තා කළා සත්කාරක ඕස්ට්‍රේලියාවට එරෙහිව. ඊළගට ශ්‍රී ලංකාව, ආසියානු කණ්ඩායමක් විදිහට ප්‍රථම වතාවට දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ජයක් වාර්තා කළා. මේ කණ්ඩායම් තවමත් දක්ෂතා අතර ඉන්නවා.
 

More News..