brand logo

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානය ළගයි - ICC සභාපති

08 February 2019

වර්තමානය වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මරණයට ළගාවෙමින් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනාහාර් මහතා පවසනවා. බංග්ලාදේශ් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති නසාමුල් හසන් මහතා බංග්ලාදේශ අගමැති ශික් හසීනා මහත්මිය හමුවීමෙන් අනතුරුව එරට මාධ්‍ය හමුවකට එක්මෙින් කියා සිටියේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැවත යළි ගොඩ ගැනීම සදහා ලෝක ටෙස්ට් ශූරතාවලියක් හදුන්වාදීමට කාලය එළඹ ඇති බවයි. මේ වන විට පන්දුවාර 20 තරග සදහා වැඩි උනන්දුවක් ක්‍රීඩාලෝලීන්ට තිබෙන අතර එය රූපවාහිනියෙන් සහ ක්‍රීඩාංගණවල් දැකීමෙන්ම සිතාගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනාහාර් මහතා, අපි උත්සාහ කරන්නේ ටෙස්ට් ශූරතාවලියකින් ඒ සදහා කැමැත්ත වැඩි කර ගැනීමටයි. අවංකවම කියනවා නම් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මරණයට ළගාවෙමින් තියෙන්නේ. ඉතිං අපිට වෙනවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න. අයි.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වලා, අපි තීරණයකට ආවා ටෙස්ට් ශූරතාවලියක් තියන්න. අපි හිතනවා ඒ ක්‍රමයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට යළි පණක් දෙන්න පුළුවන් කියලා. ඒත් ඔබ බැලුවොත් රූපවාහිනී සංඛ්‍යාත දත්ත අනුව වැඩි ප්‍රේක්ෂක අවධානයක් තියෙන්නේ පන්දුවාර විස්ස ක්‍රිකට් තරග වලට. ඒකට හේතුව කෙටි කාලයකින් එම තරගය අවසන්වීම. වර්මානයේ මිනිස්සුන්ට වේලාවක් නැහැ දවස් පහක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවක් නරඹන්න. පුද්ගලයින් කිහිපදෙනෙකුට හැරෙන්න හැමෝම වගේ රැකියාවල නිරත වෙනවා. මේ නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවක් නරඹනවා කියන්නේ හරිම අමාරු වැඩක්. පන්දුවාර විස්ස තරග එහෙම නෙමෙයි පැය තුනහමාරක කාලයක් තුළ අවසන් වනවා. හරියට චිත්‍රපටයක් නරඹනවා වගේ. මේ හේතුව නිසා තමයි පන්දුවාර විස්ස ක්‍රිකට් තරග ඉක්මනට මිනිසා වැළදගත්තේ. කොහොමවුනත් අයි.සී.සී ය 2017 ඔක්තෝබර් මස අනුමැතිය හිමිවුණා වසර දෙකක් තුළ ලෝක ටෙස්ට් ශූරතාවලියක් තියන්න. ඒ සදහා හොදම කණ්ඩායම් 9 තෝරා ගන්නවා. 2019 එක්දින ලෝක කුසලානයෙන් අනතුරුව පවත්වන්න තීරණය කරලා තියෙනවා එම ශූරතාවලිය පවත්වන්න. 2021 අප්‍රේල් මස දක්වා එය පැවැත්වීමට නියමිතයි.
 

More News..