brand logo

ටෙලෝ පක්ෂයේ සහයත් සජිත්ට

07 November 2019

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත තම පක්ෂයේ සහයෝගය ලබාදීමට පක්ෂය තීරණය කළ බව ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා නිවේදනය කරයි. පක්ෂයේ මධ්‍යම කාරක සභ‍වේ කැමැත්ත මත තම පක්ෂයේ සහයෝගයද සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට තීරණය කළ බව අඩෙක්කලනාදන් මහතා අද(07) උදෑසන මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බැවින් තම පක්ෂයද තීරණය කළ බව එහි සඳහන්ව ඇත.
 

More News..