brand logo

ටෙනිස් කාන්තා යුගල ශූරතාව නෙයාරා සහ තුවිනිට

02 September 2020

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සංවිධානයෙන් පැවැත්වෙන මැටි මතුපිටක් සහිත ටෙනිස් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට නෙයාරා වීරවංශ සහ තුවිනි ද අල්විස් සමත් විය. වට තුනක් දක්වා දීර්ඝ වූ අදාළ අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ සවිනි ජයසූරිය සහ ජනලි මනම්පේරි තරග වට 2-1කින් (6-3, 5-7,11-9) පරාජයට පත් වූවාය. මේ අනුව විවෘත වටයේ සියලුම තරග ඒක් අවසන් වූ අතර සැප්තැම්බර් 13 දා දක්වා කනිෂ්ඨ අංශයේ තරග ක්‍රියාත්මක වනු ඇත. මෙම තරගාවලිය කොළඹ පිහිටි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේදී පැවැත්වෙන අතර ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ හච් ආයතනය අනුග්‍රහය දක්වයි. රේවත එස්. සිල්වා
 

More News..