brand logo

ටෙන්ඩුල්කාර්, මුරලි සහ ලාරා නැවතත් ක්‍රිකට් පිටියට

17 October 2019

මාර්ග ආරක්ෂාව පිළිබඳව ලෝක ජනතාව දැනුවත් කිරීම උදෙසා ලබන පෙබරවාරි මාසයේ පවත්වනු ලබන ‘මාර්ග ආරක්ෂා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය’ට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සචින් ටෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, විරේන්ද්‍ර ශෙවාග් ආදී ක්‍රීඩකයින් කැමැත්ත පළකොට තිබේ. පළමු වතාවට පැවැත්වෙන මෙම තරගාවලිය පෙබරවාරි 2 වැනිදා සිට 16 දා දක්වා ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා ටෙස්ට් තත්ත්වය හිමි රටවල් නියෝජනය කළ විශ්‍රාමික ක්‍රීඩකයන්ට පමණක් අවස්ථාව උදාවන අතර ඒ වෙනුවෙන් දැනටමත් ක්‍රීඩකයින් 110කගේ සහභාගිත්වය ස්ථිර කොට ඇති බවට විදෙස් මාධ්‍ය වර්තා කරයි. අදාළ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව පහකි. ඒ අතර ඉන්දියා ලෙජන්ඩ්ස්, ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස්, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස්, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් ආදී වූ කණ්ඩායම් වේ.
 

More News..