brand logo

ටෙන්ඩුල්කාර්ගේ වාර්තාව මිතාලි රාජ් සමකරයි

01 February 2019

ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ලොව එකම සුපිරි ක්‍රීඩකයා බවට මෙතෙක් පත්ව සිටි සචින් ටෙන්ඩුල්කාර්ගේ එම වාර්තාව සම කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවක් සමත්ව තිබෙනවා. ඒ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන මිතාලි රාජ් වේ. ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වැඩිම ක්‍රිකට් තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා ලෙස නම් දරා සිටින ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් තරග 200කට සහභාගි වෙමින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ. ඒ 1989 සිට 2013 වසර දක්වා කාලය තුළදීයි. සචින්ගේ එම වාර්තාව ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායිකාව වන මිතාලි රාජ් විසින් සමකර තිබෙනවා. මිතාලි මේ වන විට එක්දින ක්‍රිකට් තරග 200කට සහාභාගි වී තිබෙනවා. ඒ 1999 සිට 2019 දක්වා කාලය තුළයි. ඒ අනුව ඇය ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග 200කට සහභාගි වූ එකම කාන්තාව ලෙසට ද වාර්තා පොත්වලට ඇතුළත් වනවා. වයස අවුරුදු 36ක් වන මිතාලි රාජ් එක්දින තරග 200කට සහභාගි වී රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6622ක්. ඊට ශතක 7ක් ඇතුළත් වන අතර, ඇය විසින් එක්දින ක්‍රිකට් තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 125ක් වනවා.
 

More News..