brand logo

ටෙන්ඩර් කමිටුවේ සභාපති පාසල් රක්ෂණය දුන්නේ විදෙස් සමාගමකට බව දන්නේ නැතිලු

01 June 2019

පාසල් සිසුන්ගේ රක්ෂණ කොන්ත්‍රාත්තුව භාර දුන් සමාගම විදේශ රක්ෂණ සමාගමක් බවට තමා දැන නොසිටි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පෝෂණ අධ්‍යක්ෂ රේණුකා පීරිස් ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ දී පැවසීය. යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂමේ සාක්කි විමසීමේදී ඇය ඒ බව පැවසුවාය. අවුරුදු 5 - 18 පාසල් ළමුන් ලක්ෂ 45 ක් රක්ෂණය කිරීම සඳහා පැවති ටෙන්ඩර් කමිටුවේ ඇය සභාපතිනිය ලෙස කටයුතු කර ඇති අතර එහිදී දේශීය රක්ෂණ සමාගම් සඳහා වැඩිපුර ලකුණු 10 ක් ලබා දෙන ලෙසටද උපදෙස් ලැබී තිබී ඇත. මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලකුණු 64 ක් හිමිවී ඇති අතර විදේශ සමාගමක් වන අලියාන්ස් සමාගමට ලකුණු 94 ක් ලබා දී තිබේ. එහෙත් අලියාන්ස් සමාගම විදේශ සමාගමක් බව තමන් දැන නොසිටි බව ඇය පවසා ඇත. එහිදී කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු කොමසාරිස්වරුන් පවසා අත්තේ වසරකට ළමයින්ට සිදුවන අනතුරු සඳහා රුපියල් මිලියන 500 ක පමණ ගෙවීමට සිදුවිය හැකි නමුත්, ඉතිරි මිලියන 2300ක මුදල සම්බන්ධයෙන් ගැටලු ඇති බවත්ය.
 

More News..