brand logo

ටිල්වින් සිල්වාට කෝටියක වන්දියක් ගෙවන්න විමල්ට නියෝග

11 January 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය තුළින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝණය වී ඇති බවට තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ට්‍රිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස එම කෘතියේ කතෘ විමල් වීරවංශ මහතාට අද දින නියෝග කළේය. විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී තමා විසින් පක්ෂ විධායක මණ්ඩලයට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කර විමල් වීරවංශ මහතා ‘නැත්ත වෙනුවට ඇත්ත‘ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇති බව ටිල්වින් සිල්වා මහතා අධිකරණයට ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම, එම කෘතිය ප්‍රසිද්ධියට පත් කිරිමට තහනම් කරමින් වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලදී. මෙම කෘතිය ප්‍රකාශයට පත්කිරිම මගින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල උල්ලංඝණය වී ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ට්‍රිල්වින් සිල්වා මහතා විසින් මෙම නඩුව වාණිජ මහාධිකරණයේ පවරා තිබු අතර දිර්ඝ නඩු විභාගයට පසු තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා එලෙස නියෝග කළේය.
 

More News..