brand logo

ටිපර් රථයක් අඩි 70ක ප්‍රපාතයකට පෙරලෙයි

23 May 2021

වැලි පැටවූ ටිපර් රථයක් මහියංගනය - මහනුවර මාර්ගයේ 18 වංගුවට පහළ ගුරුළුපොත ප්‍රදේශයේදී අනතුරට ලක්ව පුද්ගලයෙක් මියගොස් තිබේ. වාර්තාකරු සඳහන් කරන්නේ අද (23) 63 කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථය අඩි 70ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙන බවය. රියදුරුට ටිපර් රථය පාලනය කරගත නොහැකිව එම අනතුර සිදුව තිබෙන අතර ලොරි රථයේ සහායක වශයෙන් කටයුතු කළ රථයේ හිමිකරු මියගොස් ඇත. ටිපර් රථයේ රියදුරු තුවාල ලබා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර මියගිය රථයේ හිමිකරු උඩවත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකි.
 

More News..