brand logo

ටිපර් රථයකට යට වී පුද්ගලයකු මරුට

21 February 2021

  බලන්ගොඩ ප්‍රදේශයේ ගල් වැඩ පලකදී අනතුර සිදුව තිබෙන අතර ටිපර් රථයකට ගල් පටවමින් සිටියදී, එම ටිපර් රථය පසුපසට ධාවනය වීමෙන් පුද්ගලයකු මරණයට පත්ව තිබෙනවා. ඊයේ (20) දහවල් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කර තිබේ. මරණයට පත්ව තිබෙන්නේ බලන්ගොඩ පින්නවල මාර්ගයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු වන අතර බලන්ගොඩ පොලිස් රථ වාහන අංශය සිද්දිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබනවා.
 

More News..