brand logo

ටිපර් රථයකට යටවූ පාපැදිකරු මරුට

06 February 2021

කන්තලේ නගරයේදී පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ටිපර් රථයකට යටවී එම ස්ථානයේදීම මියගොස් ඇත. අනතුරින් මියගියේ කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 34ක් වන එක්දරු පුද්ගලයෙකි. පාපැදියේ හැඬලය ටිපර් රථයේ ගැටී එම රථයේ පිටුපස රෝදයට හසුවීමෙන් මොහු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා කථන අපහසුතාවයෙන් පෙළෙන්නෙක් (ගොළු) බව සදහන් වේ. එම අනතුරේ සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් වීඩියෝව පහතින්..... https://youtu.be/FMdPmVnh5Sg
 

More News..