brand logo

ටින් මාළු හිඟයි... මිල ඉහළයි...

10 September 2018

රටපුරා වෙළෙඳසල්වල ටින්මාළු හිඟයක් පැවැතීම නිසා ටින්මාළු මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. ඇතැම් වෙළෙඳසල්වලට සති කිහිපයක සිට ටින්මාළු තොග අලෙවියට පැමිණ නොමැති බව ‘අරුණ’ කළ සොයා බැලීමකදී හෙළි විය. මේ සම්බන්ධයෙන් පිටකොටුව තොග වෙළෙඳ සංගමයේ ලේකම් ජී. කාදන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ අවශ්‍ය තරම් ටින්මාළු තොග ඇතත් මේ දිනවල ඒ සඳහා ඉල්ලුමක් නොමැති බවයි. පසුගිය දිනවල ටින්මාළු තොගයක පණුවන් හමුවීමත් සමග ඉල්ලුම අඩු වී ඇති බවත් නමුත් ටින්මාළුවල මිලද ඉහළ ගොස් නොමැති බවත් ග්‍රෑම් 450 ටින්මාළු එකක තොග මිල රුපියල් 220ක් ද, ග්‍රෑම් 95 ප්‍රමාණයේ මිල රුපියල් 90ක් ද වන බවත් ඒ මහතා සඳහන් කළේ ය.
 

More News..