brand logo

ටික් ටොක් තහනම යලි අත්හිටුවයි

13 November 2020

පසුගිය දිනවල කතාබහට ලක්වූ ඇමරිකාවේ TikTok තහනම ඊයේ දින (12) ක්‍රියාත්මකවීමට නියමිතව තිබුනත් එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා තිබෙන බව වාර්තාවේ. එම තීරණය ක්‍රියාත්මක වුයේ නම් TikTok මෙවලම එරටදී බාගත කිරීම තහනම් වීමට නියමිතව තිබුනා. ඇමරිකානු වානිජ්‍ය දෙපාර්තමේන්තුව තම තීරණයට හේතුව වශයෙන් දක්වන්නේ මෑත කාලීනව ෆිලඩෙල්පියා අධිකරණයක් ලබාදුන් තීන්දුවක් බවද පැවසේ. මේ සඳහා Tik Tok භාවිත කරන්නන් තිදෙනෙක් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම් හමුවේයි මෙලෙස තීරණය ගෙන ඇත්තේ අදාල තීරණය එරට සිටින මිලියන 100ක් පමණ Tik Tok ග්‍රාහකයන්ට සහනයක් බව ද පැවසෙනවා. Tik Tok හිමිකාරිත්වය තිබෙන්නේ චීනයේ බයිට්ඩාන්ස් නම් සමාගමටයි නමුත් එය පසුගිය සැප්තැම්බරයේ වෝල්මාර්ට් සහ ඔරකල් සමාගම් සමග එකඟතාවකට එළැඹ තිබුනේ ඇමරිකාවේ Tik Tok වත්කම් ග්ලෝබල් නම් නව සමාගමක් යටතට පත්කිරීමටයි. කෙසේ වුවද ට්‍රම්ප් පාලනය යම් එකඟතාවක් පැවතුනද TikTok සමාගම සඳහන් කරන්නේ මාස දෙකකින් පමණ එම යෝජනාවට අමෙරිකානු රජයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවකි. කෙසේ නමත් ඇමරිකාවේ පුද්ගලයින්ගේ තොරතුරු චීන රජය ලබා ගැනීමක් සම්බන්ධයෙන් සාක්ෂි නොමැති බවද පැවසේ. එමෙන්ම TikTok සමාගමද එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවද පැවසේ.
 

More News..