brand logo

ට්‍රෙවීස් හෙඩ් මංගල ටෙස්ට් ශතකය කඳුළින් ෆිලිප් හියුස්ට උපහාර කරයි

01 February 2019

ශ්‍රී ලංකා කණ්ඩායම පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ක්‍රිකට් දිවියේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද ට්‍රෙවීස් හෙඩ් සමත් වුණා. ට්‍රෙවීස් හෙඩ් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ මොහොතේ අහස දෙස බලා ‌මියගිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිලිප් හියුස් සිහි කළා. ට්‍රෙවීස් හෙඩ් මෙම තරගයේදී ලකුණු 161ක් ලබාගැනීමට සමත් වුණා. තරගය නිමාවීමෙන් අනතුරු ඕස්ට්‍රේලියානු නාළිකාවක් වෙත අදහස් දක්වමින් ට්‍රෙවීස් සදහන් කර සිටියේ "ඔහු මම ඒ වෙලාවේ ටිකක් හැගීම් බර වුනා. මම ශතකය උපහාරයක් කරනවා ෆිල්ට. මට ෆිල්ගේ මතකයෙන් මිදිලා තරගයට නැවත ප්‍රවිශ්ඨ වෙන්න ටික වේලාවක් ගියා." ට්‍රෙවීස් හෙඩ් ශතකය වාර්තාකරන අවස්ථාවේ ඔහුගේ අනෙක් අන්තයේ සිටියේ ජෝ බර්න්ස් ද අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆිලිප් හියුස් සම්න්ධයෙන් මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා. "ට්‍රෙවීස් හෙඩ් තමන්ගේ පළවැනි ටෙස්ට් ශතකයේදී ටිකක් හැගීම්බර වුණා. ඒක විස්තර කරන්න හරි අමාරුයි. ෆිල් හොද ක්‍රීඩකයෙක්. මට ඕනේ ඔහුව තදින් වැලඳගන්න. මට ඕනේ ඔහු සමග පන්දුවට පහරදෙන්න. ඒක ඇත්තෙන්ම සතුටක්. " ෆිලිප් හියුස් 2014 වසරේ නොවැම්බර් 25 දින සිඩ්නි ක්‍රිකට් පිටියේදී පැවති ෂෙෆීල්ඩ් පළිහ තරගයකදී හිස කොටසට බවුන්සර පන්දුවක් වැදීම නිසා මොළයේ රුධිර වහනයක් සිදුවීමෙන් ඔහු මියගියා. https://youtu.be/no57SUQmyhg?t=34
 

More News..