brand logo

ට්‍රයිසිකලයකින් ගමන්ගන්නා යුධ හමුදා අබාධිත සෙබළා වන්නි ආරක්ෂක සේනාවන් විසින් පිළිගනී

09 December 2018

දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා ට්‍රයිසිකලයකින් ගමන්ගන්නා යුධ හමුදා අබාධිත සෙබළ කෝප්‍රල් .කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා පිළිගැනීම වන්නි ආරක්ෂක සේනාවන් විසින් අද (09) සිදුකරනු ලැබීය. අවසන් යුධ සමයේ 2009 මැයි 07 වැනිදා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකට හසුව දෙපා හා අතක ඇගිලි අහිමිව ඇති කරුණාරත්න සෙබළා පසුගිය 03 වැනිදා දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා සිය ගමන ආරම්බ කරනු ලැබීය. අනුරාධපුර සාලියපුර යුධ හමුදා කදවුරේ සිට අද(09) උදැසන ගමන් ආරම්භ කළ කරුණාරත්න සෙබළා වන්නි ආරක්ෂක සේනා කලාපය වෙත පිවිසි අතර වන්නි ආරක්ෂක සේනා කලාපයේ ඉංජිනේරු සේවා බලසේනා මූලස්ථානය අභියසදී සෙබළා පිළිගැනීම සිදුකරනු ලැබීය. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ පිළිගැනීමේ වැඩසටහන සංවිධානය කොට තිබු අතර,මාර්ගය දෙපස යුධ හමුදා සෙබළුන්ගේ උණුසුම් පිළිගැනීම් මැද කරුණාරත්න සෙබළා වන්නි ආරක්ෂක කලාපය වෙත පැමිණින. කරුණාරත්න සෙබළා අද(09) දහවල් නැවත කිලිනොච්චිය ආරක්ෂක සේනා කලාපය වෙත ගමන් කිරීමට නියමිත අතර හෙට(10) දිනයේ යාපනය වෙත ළගාවීමට නියමිතය. වැඩසටහන් අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා උසස් යුධ හමුදා නිළධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..