brand logo

ට්‍රම්ප් සහායකයෝ ආයුධ අරන් ඇවිත්

06 November 2020

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ආධාර කරුවන් තවත් විරෝධතාවක් අරම්භා ඇත. ඒ ඇරිසෝනා ප්‍රාන්තයේ විශාලතම ඡන්ද ගණනය සිදුවන ෆීනික්ස් ගොඩනැගිල්ල ඉදිරිපිටයි ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් රාත්‍රියේ 200ක පමණ පිරිසක් ඒ වෙත පැමිණ ඇතත් පෙරදා රාත්‍රියේ මෙන් කලහකාරී ස්වරූපයක් පෙන්නුම් කර නොමැති බව පැවසෙනවා. පෙරදා රාත්‍රියේ ස්වයංක්‍රීය ගිනිඅවිවලින් සන්නද්ධ ට්‍ර්ම්ප් හිතවාදීන් ඡන්දය ගණන් කරන ගොඩනැගිල්ල වෙත ඇතුළුවීමට උත්සාහර තිබුණා. මෙම ආධාරකරුවන්ගෙන් බහුතරය මුඛ ආවරණ පැලඳීමක් හෝ සමාජ දුරස්ථභාවය තඹයකට මායිම් කිරීමක් නොකළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් විචාරකයෝ සඳහන් කරන්නේ පෙර නොවූ විරූ බෙදීමක් ඇමෙරිකානු ජනතාව අතර පවත්නා බවයි.
 

More News..