brand logo

ට්‍රම්ප්ට නැවත ට්විටර් ගිණුමක් නොදෙන බව කියයි

11 February 2021

    ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය නොකරන බව ට්විටර් හි ප්‍රධාන මුල්‍ය නිලධාරීවරයා සඳහන් කරනවා. මුල්‍ය නිලධාරී සේගල් මහතා සඳහන් කරන්නේ තරාතිරම කවරක් උවද ට්විටර් ගිණුමක් අක්‍රිය කිරීමෙන් පසු එය නැවත සක්‍රීය කරනු නොලබන බවයි. ට්විටර් ජාලයෙන් ඉවත් කිරීම යනු සදාකාලයටම ඉවත් කිරීමක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ. තම කණ්ඩායම කටයුතු සිදුකිරීමේදී විනිවිද බවකින් වැඩ කරන බවත් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධව සුභවාදී අදහස් දක්වන පිරිසක් සිටින බවත් සේගල් සඳහන් කර සිටිනවා. පසුගිය ජනවාරි 06 වැනි දා ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරවම තහනම් කරනු ලැබුවා. මේ සමග ට්‍රම්ප්ගේ වැරදි තොරතුරු හුවමාරු කරගත් ගිණුම් 70,000කට වැඩි ප්‍රමාණයක් අත්හිටුවා තිබුණා.
 

More News..