brand logo

ඥානසාර හිමියන්ගේ නඩුව අගෝස්තු 5 වැනි දා තෙක් කල් යයි

25 February 2019

පොලොන්නරුව ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වා ජාතීවාදි හැඟීම් දනවන ප්‍රකාශ සිදුකළැයි කියන සිද්ධියට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ නඩුව ලබන අගෝස්තු 5 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියම කර ඇත. බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අද (25) බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එම සිද්ධියට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිද්ධියට අදාළ නීති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවට අධිකරණයට කරුණු වාර්තා කළේය.
 

More News..