brand logo

ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනාවේ තීන්දුව ලබන 08 වෙනිදා

30 January 2019

සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනාවේ තීන්දුව ලබන මස 8 වෙනි දින ප්‍රකාශයට පත් කරන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අද (30) දින දැනුම් දී ඇත. සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඬුවමක් නියම කිරීමටයි පියවර ගත් අතර උන්වහන්සේ පසුගිය වසරේ ජුනි 19 වැනිදා අභියාචනයක් ගොනුකරනු ලැබුවා. ඒ අනුව අදාළ අභියාචන තීන්දුව අද ලබාදීමට නියමිතව තිබුණත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කළ යුතු බැවින් එය ලබන මස 8 වනදා ලබාදීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.
 

More News..