brand logo

ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනයේ තීන්දුව අද

08 February 2019

සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනයේ තීන්දුව අද පස්වරුවේ හෝමාගම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ වන විට එම නඩුවට සහභාගිවීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන විත් ඇති අතර මෙම අවස්ථාවට එම හිමියන්ගේ මෑණියන් ද සහභාගි වී සිටින බවට වාර්තා වෙයි. සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඩුවමක් නියම කළේය.
 

More News..