brand logo

ඥානසාර හිමියන්ගේ මාස 6 ක සිර දඬුවම අත්හිටුවයි

08 February 2019

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවම අත්හිටුවිමට කටයුතු කර ඇත. ඒ සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් නියම වූ සිර දඬුවම එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. එම අභියාචනයේ තීන්දුව මීට සුළු වේලාවකට පෙර හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් ප්‍රකාශයට පත් කළ අතර සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඩුවමක් නියම කළේය. පසුව උන්වහන්සේ පසුගිය වසරේ ජුනි 19 වැනිදා ඊට අදාළව අභියාචනයක් ගොනුකළ අතර, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය ජනවාරි 30 වන දාය. එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බැවින් තීන්දුව අද ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා එදින ප්‍රකාශ කළා.
 

More News..