brand logo

ඥාතීන් භාර නොගත් කොවිඩ් මෘත දේහ ආදාහනයට උපදෙස්

09 December 2020

ඥාතීන් විසින් මේ දක්වා භාර නොගත් කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු වහාම ආදාහනයට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ. නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම උපදෙස් ලබාදී ඇත. කොළඹ අධිකරණ වෛද්‍යවරයා යටතේ ඇති මෘත ශරීරාගාරයේ මේ වන විට මියගිය පුද්ගලයින් 19දෙනෙකුගේ සිරුරු එහි ඇති බව වාර්තා වේ.
 

More News..