brand logo

ඥාණසාර හිමි ඇතුළු තිදෙනෙකුගේ පෙත්සමක් සලකා බැලීම පෙබරවාරි මස 17 වනදා

08 November 2019

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 17 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත. භියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ එම පැමිණිල්ල අද(08) අද කැඳවනු ලැබිය. එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ මෙම නඩුවට අදාළව වග උත්තරකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන්න තීන්දු කිරීම සඳහා පෙත්සම සලකා බැලීම අවශ්‍ය බවය.
 

More News..