brand logo

ජෝ බයිඩන් ගේ පත්වීම නිල වශයෙන් තහවුරු වෙයි

07 January 2021

අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් සහ කමලා හැරිස් එරට ජනාධිපති සහ උප ජනාධිපති ලෙස ඇමරිකානු කොංග්‍රසය විසින් සහතික කර තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් එරට සිදුකළ කලහකාරී තත්ත්වයත් සමඟ මෙලෙස බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විශාල පිරිසක් "කැපිටල් ගොඩනැගිල්ල" තුළට කඩාවැදී එහි දේපල වලට හානි කළ අතර එම සිදුවීමෙන් සිව් දෙනෙක් වෙඩිවැදී මරණයට පත්විය. මේ වනවිට අමෙරිකාවේ අග නගරය වන වොෂිංටන් නගරයේ ඇඳිරිනීතිය පනවා ඇති අතර ඇඳිරිනීතිය කඩකළ 47 දෙනෙක් ඇතුළු 52ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලා ණුම් ක්‍රියා විරහිත කර තිබේ.
 

More News..