brand logo

ජෝන් කීල්ස් හෝල්ඩින්ග් ප්ලාස්ටිසයිකල් වඩා යහපත් ශ්‍රී ලංකාවක් උදෙසා

30 November 2019

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියක් වන ‘ප්ලාස්ටිසයිකල්’ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කරන උත්ප්‍රේරකයක් වීමේ දැක්මක් සහිතව සිටී. 2017 ජූලි මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ප්ලාස්ටිසයිකල් කොළඹ 2 පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් කොට්ඨාස දෙකක (වෑකන්ද සහ හුනුපිටිය) දියත් කරන ලද්දේ ඒ මඟින් උගත් දෑ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා යොදා ගන්නා අපේක්ෂාවෙනි. බෝතල්, කෑන්, පියන් සහ භාජන වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා ප්ලාස්ටිසයිකල් විසින් මූලික වශයෙන් බඳුන් හඳුන්වා දෙන ලදී. බඳුන් සඳහා පැවති ධනාත්මක ප්‍රතිචාරය මත පදනම්ව, ප්ලාස්ටිසයිකල් දැන් එහි බඳුන් පිහිටා ඇති ස්ථාන 130 ක් දක්වා පුළුල් කර ඇත්තේ ඒවා කොළඹ හා ඒ අවට ඇති කීල්ස් අලෙවිසල් බොහොමයක්, පොදු ස්ථාන සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ (මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව) ස්ථානගත කරමිනි. ඔක්තෝබර් අවසානය වන විට බස්නාහිර පළාතෙන් පමණක් එක්රැස් කළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 40 ඉක්මවා ඇති අතර, එම පරිමාව PET බෝතල් 1,200,000 කට සමාන බව අදහස් වේ. ශ්‍රී ලංකා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය (SLRA) සහ BPPL හෝල්ඩින්ග්ස් පීඑල්සීහි අනුබද්ධ සමාගමක් වන Eco-Spindles වැනි නිෂ්පාදන සමාගම් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ප්ලාස්ටික් භාවිත කර ශෝධක මෙවලම් සඳහා මොනොෆිලමන්ට් සහ ලෝකය පුරා රෙදිපිළි නිෂ්පාදකයින් සඳහා නූල් ඇතුළු අගය එකතු කළ නිපැයුම් නිෂ්පාදනය කිරීමට හැකි වී තිබේ. වටිනාකම් දාමය තුළ රැඳී සිටින්නන්ට ඔවුන් විසින් එකතු කරනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට කුමක් සිදුවේද යන්න සහ ඔවුන්ගේ කාර්යභාරය රටට වෙනසක් ඇතිකිරීම සඳහා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න අගය කිරීමට සහ අවබෝධ කර ගැනීමට හැකිවන පරිදි ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලා සහ දොම්පේ සනීපාරක්ෂකව කසළ බැහැරලීමේ ස්ථානය පිළිබඳ දැනුවත් කිරීමේ චාරිකාවක් සඳහා ද ප්ලාස්ටිසයිකල් විසින් පහසුකම් සපයන ලදී. ප්ලාස්ටික් පා සලකුණු සහ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුව මඟහරවා ගැනීමට ඒවා ලෝකයට සහාය වන්නේ කෙසේ ද යන්න පිළිබඳ තරුණ පරම්පාරාව දැනුවත් කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පාසල්වල ද පවත්වන ලදී. ක්‍රියාවලිය තුළ පාසල් ළමුන් නිරතවීම මගින් ධනාත්මක ප්‍රතිඵල ලබා දී ඇති අතර ප්ලාස්ටිසයිකල් විසින් ගම්පහ ප්‍රසිද්ධ පාසල්වල බඳුන් ස්ථාපනය කරන ලදී. මෑතකාලීන ම ව්‍යාප්තිය වූයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ජනනය වන සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයයි. බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දිවයිනේ ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා දායක වන හුවමාරු නියෝජිතයකු වන ZeroTrash, ප්ලාස්ටිසයිකල් සමග සමීපව කටයුතු කරන සංවිධාන අතුරින් එකකි. ZeroTrash වැඩසටහනේ සහාය ආදී කර්තෘ හසන්ක පාදුක්ක අදහස් දක්වමින් “විවිධ ස්වරූපයෙන් පවතින අපද්‍රව්‍ය සෑම විටම ශ්‍රී ලංකාවේ ගැටලුවක් ඇති කරාවි, විශේෂයෙන් ම රැස්කිරීමේ යාන්ත්‍රණයන්හි පැවතීම හේතුවෙන් පරිසරයේ අපද්‍රව්‍ය විශාල වශයෙන් එක්රැස්වන ක්ෂේත්‍රයන් සම්බන්ධ වඩාත් තිරසාර විසඳුම් සෙවීම සඳහා එක්ව ක්‍රියා කිරීමට අත්වැල් බැඳ ගැනීම පෞද්ගලික අංශයට පැවරී තිබෙනවා”. යනුවෙන් පැවසී ය. අන්තර්ජාල වේදිකා ඇතුළු වැඩසටහන් සමගින් නිවාස, සංස්ථා සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන් අතර ඇති පරතරය අඩු කිරීම ZeroTrash වැනි හවුල්කරුවන් විසින් ඉටුකරනු ලබයි.
 

More News..