brand logo

ජෝන්ගේ බෑනා මහ බැංකුවට පත් කිරීමේ සූදානමක් ?

09 June 2022

නන්දේ වෙනුවෙන් රනිල් අත්සන් තබාවිද

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙසට දිනේෂ් වීරක්කොඩි නම් අයකු පත් කිරීමේ සූදානමක් ඇති බවට වාර්ථා වේ. දිනේෂ් වීරක්කොඩි යනු හිටපු අමාත්‍යවරයකු වන ජෝන් අමරතුංගේ බෑනාය. මහ බැංකුවේ අධිපති නන්න්දලාල් වීරසිංහගේ ධුර කාලය මේ මස 30 වැනිදායින් අවසන් වීමට නියමිත ය. කෙසේ වෙතත් පසුගිය දිනක ජනාධිපතිවරයා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී තිබුණේ කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව ඔහුට රාජකාරී දිගටම කරගෙන යාමට ඉඩ දෙන බවයි. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සිටි නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරය භාර ගෙන යළි මෙරටට පැමිණියේ ජානාධිපතිවරයාගේ ආරාධනය පරිදියි. නමුත් අගමැති වික්‍රමසිංහ මහ බැංකු අධිපති ධුරයට හිටපු මහ බැංකු අධිපතිවරයකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමී යළි ගෙන ඒමට කටයුතු කරන බවට පුවතක් පසු ගිය සතියේ බෝහෝ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වේදියකු විමසූ විට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති සාගල රත්නායක පවසා ඇත්තේ එම පුවත අසත්‍යයක් බවත් අගමැති රනිල් හා නන්දලාල් බොහෝම සුහදව කටයුතු කරන බවත්ය. යහපාලන සමයේ සිදු වූ බැදුම්කර මගඩිය නන්දලාල් වීරසිංහ විසින් හෙළි කළ බවට ඇති වාර්තාත් ඒ නිසා යහපාලන ලොක්කන් න්න්දලාල් සමග වෛර බැදගෙන සිටින බවටත් ඇති වාර්තාත් පදනම් කරගෙන මෙම ආරංචිය පැතිර යන්නට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහාන් කරයි. කෙසේ වෙතත් මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීමේ බලය හිමි වී ඇත්තේ මුදල් ඇමැතිවරයාට බැවින් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා නන්දලාල් වීරසිංහගේ කාලය දීර්ඝ කිරීමට අත්සන යොදාවිද යන්න ගැටළුවක් බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු පවසා ඇති බවද වාර්තා වේ. - උපුටා ගැනීම අරුණ ගොසිප්
 

More News..